බටහිර ඉවුරේ (west Bank) බලහත්කාරයෙන් රැඳී සිටින ඊශ්‍රායල පදිංචිකරුවෝ පසුගිය දා (08) එහි සිටි පලස්තීනුවන්ට, සමාජ ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට පොලු මුගුරුවලින් “දිගට හරහට” පහර දී කැමරා ඇතුළු මාධ්‍ය ආම්පන්නද විනාශ කැර ඇත.

මෙහිදී රොයිටර්ස් මාධ්‍යවේදිනී, රනීන් සවෆ්ටා (Raneen Sawafta), ප්‍රහාරකයින්ගේ දැඩි ග්‍රහණයට නතු වු අතර මුහුණු ආවරණ පැළඳි 50කට අධික පිරිසක් මෙම පහර දීමට සහභාගී වූ බව සිද්ධිය ඇසින් දුටු ඊශ්‍රායල සමාජ ක්‍රියාකාරී ජොනතන් පොලාක් (Jonathan Pollak) ප්‍රකාශ කැර ඇත.
සිද්ධිය වාර්තා වන අන්දමට, ප්‍රදේශයේ ඔලිව් අස්වනු නෙලීම දැන් ආරම්භ වී ඇති බවත් ,ඊශ්‍රායලය බලහත්කාරයෙන් අත්පත් කැර සිටින බටහිර ඉවුරේ ඔලිව් අස්වනු නෙලීමට බැලීමට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට මෙම පහර දී සිදු කැර ඇතැයි රොයිටර් පුවත් සේවය කියයි.
බටහිර ඉවුරේ නැබ්ලස් (Nablus) නගරයට දකුණු දෙසින් පිහිටි එම ප්‍රදේශයේ පසුගිය වසරේ ද මෙවැනිම ගැටුම් ඇති වී තිබේ.
මෙයට දෙවසරකට පෙර ගාසා යුද ගැටුම් ආරම්භ වීමත් සමග, ප්‍රදේශය පුරා ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ පහර දීම් වර්ධනය වී තිබේ. සාමාන්‍යයෙන් ඔලිව් අස්වනු නෙලීම ආරම්භ වන ඔක්තෝබර් මාසයේ මෙම පහර දීම උත්සන්න වි තිබේ.ගැටුම් උත්සන්න වීමත් සමග ඔලිව් අස්වනු නෙලීමට පලස්තීනුවන් සතු අයිතිය තහවුරු සමග ඇතැම් ඊශ්‍රායල ජාතිකයන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමද දැක ගත හැකි විය. එහිදී සිදුවන පහරදීම් සියල්ල ලේඛන ගත කැර ඇත.
සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසී පලස්තීනුවන් විසින් අස්වනු නෙලීමේ කාල සටහන් සහ සැලසුම් මාධ්‍යවේදීන් වෙත දැනුම් දීමට කටයුතු කැර අති අතර සංවේදී ස්ථාන හඳුනා එහි පැමිණෙන මාධ්‍යවේදීහු එම සියලු සිදුවීම් රූ ගත කිරීමට පියවර ගෙන තිබිණි.
ප්‍රදේශයේ සිටින ජංගමකරුවන් මෝටර් රථ සහ වාසස්ථාන බොහෝ විට ශක්තිමත්ව ඉදි කැර ඇත.ඒ සියල්ල ඊශ්‍රායල බලධාරීන් ද අනුමත නොකළ, අනවසර ඉදිකිරීම් වෙයි. බටහිර ඉවුරේ පවතින එවැනි ඉදි කිරීම්, ජාත්‍යන්තර නීතිය යටතේ ද, අනවසර ඉදිකිරීම් බව පලස්තීනුවන්ගේ සහ ජාත්‍යන්තරයේ ද මතය වී තිබේ.
මෙම තත්ත්වය සොයා බැලීමට ඊශ්‍රායල හමුදා පිටත් කැර යැව් බව ද සදහාන් වෙයි.කෙසේ වෙතත්, මෙතෙක් එම හමුදා එහි පැමිණ නැතැයි ද ප්‍රදේශවාසීහු කියති.
සිවිල් සමාජය ඉලක්ක කළ කිසිදු භීෂණ ක්‍රියාවක් අනුමත නොකරන බවත්, ඊශ්‍රායල හමුදාව මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පොලිසිය කැඳවා ඇති.
පසුගිය දා ඔලිව් අස්වනු නෙලීමේ කටයුතු නිරීක්ෂණයට 30 දෙනකුගෙන් සමන්විත ග්‍රාමවාසීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් 10දෙනෙක් ද එහි පැමිණ ඇත.
පහර කෑමෙන් බිම ඇදවැටුණු මාධ්‍යවේදිනී සවෆ්ටා වටකරගත් ඇතැම් ඊශ්‍රායල ජාතිකයන් “කිසි සමාවක් දෙන්න එපා, පහර දියව්,” හඬ නගමින් ඇයට දිගින් දිගටම ගල් ගැසූ බව පොලාක් පවසා ඇත.. ඇගේ සහායට දිව ආ පිරිස් ද ප්‍රහාරකයන්ගේ ගොදුරු බවට පත් වී ඇත. ප්‍රහාරකයන් සියලු දෙනා හිබෘ බස කතා කරන්නන් බව ද අනාවරණය වී ඇත.

මූලාශ්‍රය :
Israeli settlers attack Palestinians, journalists at West Bank olive harvest, witnesses say
