Impartial news reporting for a stronger democratic society
ඉරා­න­යට ප්‍රහාර එල්ල කරන්න එන අමෙ­රි­කානු ගුව­න්යා­නා­ව­ලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් !

ඉරා­න­යට එරෙ­හිව ප්‍රහාර එල්ල කිරිම සඳහා පැමිණෙන අමෙ­රි­කානු ගුව­න්යා­නා­ව­ලට සිය ගුවන් සීමාව වසා දැමූ බව ස්පාඤ්ඤ රජය නිවේ­ද­නය කැර තිබේ.

අමෙ­රි­කානු හමු­දා­වට සිය භූමියේ කඳ­වුරු බැඳී­ම­ට ඉඩ නොදෙන බව ස්පාඤ්ඤයේ ආර­ක්ෂක ඇමැ­ති­නිය මාග­රිටා රොබෙල්ස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

ඉරා­න­යට එරෙහි යුද්ධය නීති­වි­රෝධී සහ අසා­ධා­රණ ක්‍රියා­වක් බව මීට පෙර ස්පාඤ්ඤයේ අග­මැති පෙඩ්රෝ සැන්චෙස් ද ප්‍රකාශ කළ අතර, එරට මාධ්‍ය සඳ­හන් කරන්නේ ස්පාඤ්ඤ රජයේ තීර­ණය හේතු­වෙන් සිය ගුවන් මාර්ග සහ සැප­යුම් මාර්ග සඳහා විකල්ප මාර්ග භාවිත කිරි­මට අමෙ­රි­කා­වට සිදු­වී­මෙන් ඔවුන්ගේ මෙහෙ­යුම් වඩාත් සංකීර්ණ තත්ත්ව­ය­කට පත්ව ඇති  බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp