
ඉරානයට, ලෙබනනයට සහ ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාර මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඊයේ පස්වරුව වන විට බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 114.70 දක්වා ඉහළ ගිය අතර, ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 101.00 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර යේමනයේ හවුති කැරලිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් පළමුවරට ඉරාන යුද ගැටුම්ට එක්වීමත් සමඟ යුරෝපයේ සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළ තියුණු ලෙස පහත වැටී ඇත.
