
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය (2025) අද (10) ආරම්භ කෙරේ.
රටපුරා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වෙන මෙවර අපොස උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් 340525 දෙනෙක් පෙනී සිටිති.
පාසල් අයදුම්කරුවන් 246521ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 94004ක් වශයෙනි.අද ඇරඹෙන විභාගය දෙසැම්බර් 05 වැනි දින දක්වා පැවැත්වේ.
මේ වන විට විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කැර ඇති බවත්, ඒ සඳහා විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කැර ඇත.
දුමින්ද ගුරුගේ
