
මනුෂ්‍ය ඝාතන සිදු කළ තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනකු විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, පතරොම් හා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය පවසයි.
පසුගිය 29 වැනි දින උදෑසන කාලයේ මීටියාගොඩ පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා එම අවියට යොදනු ලබන පතරොම් 06ක්, හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු හා හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2025.11.17 දින මීටියාගොඩ පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ අයකු හා එම වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු වන සැකකරු හා එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවකු බවට දැනට සිදුකරන විමර්ශනය අනුව අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
එම නිවෙසේ සිටියදීම හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 500ක් සමඟ සැකකරුවකු හා හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම එක් සැකකරුවකු 2025. 05.03 වන දින මීටියාගොඩ, එරනවිල ප්‍රදේශයේදී ගිනිඅවි දෙකකින් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරුවන් අවුරුදු 22, 23, 28 හා 34 වයස්වල පසුවන මීටියාගොඩ හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.
මෙම සැකකරුවන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සහෝදරයකුට අයත් මීටියාගොඩ පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසක මෙලෙස සැඟව සිටිමින් තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා සැලසුම් කර ඇති බවට දැනට සිදුකරන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මීටියාගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
දිනමිණ – ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්මදාස සිරිවර්ධන
