Impartial news reporting for a stronger democratic society
රුසියාවෙන් සහන මිලට තෙල් ගෙන ජනතාවට සහන දෙනු !

” රුසියාවෙන් සහන මිලට තෙල් ලබාගෙන ජනතාවට සහන සලසනු!” යන මැයින් උද්ඝෝෂණයක් ඊයේ (30) රාත්‍රියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවත්වණු ලැබිණි.  

පවතින ලෝක අර්බුදය තුළ අප රටට ඉන්ධන ගෙන්වා ගැනීම ගැටලුවක් වී  ඇති අවස්ථාවක රුසියානු රජය සහන මිලට  ලබා දෙන  ඉන්ධන ප්‍රයෝජනයට ගෙන ජනතාවට සහන  සලසන්නැයි  ආණ්ඩුවට බල කිරීම මෙම  උද්ඝෝෂණයේ අරමුණ විය.

සමාජවාදී ජනතා පෙරමුණ මඟින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට එම පෙරමුණට අයත් ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණ  සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ  සාමාජිකයන් පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.

Follow by Email
LinkedIn
Share
WhatsApp