Impartial news reporting for a stronger democratic society
කාර්ග් දූපත අත්පත් කර ගැනීමට සූදානම් ! ඕනෑම ආක්‍රමණික බලවේගයකට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරනවා – ඉරානය කියයි

ඉරානයේ පවතින තෙල් සම්පත ලබා ගැනීමට අමෙරිකාවට හැකියාව පවතින බවත්, එරට ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් (Kharg) දූපත අත්පත් කැර ගැනීමට සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසන්නේ‍ අමෙරිකාවට “පහසුවෙන්” දූපත අත්පත් කර ගත හැකි බවයි.

ඉරාන ආර්ථිකයේ  ප්‍රධාන ස්ථානයක් වන මෙම දූපත අත්පත් කැර ගැනීම පිළිබඳව ඔහු කළ ප්‍රකාශයත් සමඟ කලාපීය යුදමය උණුසුම සහ ලෝක තෙල් වෙළෙඳපොළේ අස්ථාවරත්වය තවදුරටත්  වැඩි වනු  යනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හමුවේ ඉරානය සහ  අමෙරිකාව අතර පවතින ගැටුම තවදුරටත් තීරණාත්මක මාවතකට අවතීර්ණ වී ඇති අතර, ඉරාන බලධාරීන් මීට පෙර ප්‍රකාශ කෙළේ ඕනෑම ආක්‍රමණික බලවේගයකට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp