
“අපට පාලන තන්ත්රයේ වෙනසක් අවශ්‍යයි” යනුවෙන් කෑ ගසමින් බෙන්ජමින් නෙදන්යාහුගේ ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි කියමින් විරෝධතා රැල්ලක් නගර කිපයක මේ වන විට මතුව තිබේ.

ඉරානයට එරෙහිව දියත් කරන ලද මිලිටරි ක්‍රියාමාර්ග සහ වත්මන් පාලනය කෙරෙහි සිදුවන අපකීර්තිය පදනම් කැර ගනිමින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් සහ හයිෆාහි යන නගරවල මේ දැවැන්ත විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ , ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීමට උත්සාහ කළ ඊශ්‍රායලයට අද මතුව ඇති විරෝධතා මලාව ඉදිරියේ දේශපාලන ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බවයි.
ඊශ්‍රායල ආරක්ෂක අංශ විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති අතර, ටෙල්අවිව්හි හබීමා චතුරශ්‍රයේ (හබීමා චතුරශ්‍රයේ) පැවති විරෝධතා ව්‍යාපාරයේදී පුද්ගලයන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට නීති නොතකා ජනතාව වීදි බැස ඇති අතර, පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම් ද ඇති වී තිබේ. ‘Standing Together’ වැනි ක්‍රියාකාරී කණ්ඩායම් පවසන්නේ, බෙන්ජමින් නෙදන්යාහුගේ ආණ්ඩුවට තම විරුද්ධවාදීන්ගේ හඬ මර්දනය කිරීමට උත්සාහ කරන බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනි දින සිට අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඇති වූ ආර්ථික හා ආරක්ෂක අර්බුදය මහජනතාවගේ නැඟී සිටීමට ප්‍රධාන හේතුව වී තිබේ. මෙම යුද්ධයේ අවසාන අරමුණ කුමක්දැයි තමන් නොදන්නා බව ඊශ්‍රායල ජාතිකයන් පවසන අතර, බෙන්ජමින් නෙදන්යාහුගේ ආණ්ඩුව යුද්ධය දේශපාලන වාසි සඳහා ව්‍යාප්ත කරමින් සිටීන බව කියයි. කේසේ නමුත් ,කලාපීය වශයෙන් මිසයිල ප්‍රහාර එල්ල වන වාතාවරණයක් තුළ, බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය වෙනස් කිරීමට මේ වන විට බලපෑම් එල්ල වෙමින් පවතී.
