Impartial news reporting for a stronger democratic society
ඉරානයට සහ මැදපෙරදිගට අමෙරිකාව ගෙනෙන සාම යෝජනා කුණු කුඩයට විසිකරනවා – ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි

ඉරානයට සහ මැදපෙරදිග කලාපයට නැවත සාමය උදා කිරිම සඳහා බව කියමින් අමෙරිකාව ඉදිරිපත් කරනු ලැබූ කරුණු 15කින් සමන්විත යෝජනාවලිය අතිශයින්ම අසාධාරණ බවත්, එම යෝජනාවලිය තරයේම ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

අමෙරිකාව විවිධ පාර්ශ්වකරුවන් හරහා පණිවුඩ එවමින් සිටින බව සඳහන් කැර ඇති ඉරාන විදේශ ඇමැතිවරයා, ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පැවත්වෙන බව ඉන් අදහස් නොකරන බව සඳහන් කැර තිබේ. මේ අතර ඉරාන රජය යුද ගැටුම් සමථයකට පත් කිරිම සඳහා කොන්දේසි 5ක් ප්‍රකාශයට පත් කළ බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහාන්  කැර ඇත. සටන් විරාමයක් නොව සම්පූර්ණයෙන්ම යුද්ධය අවසන් කිරිම ඉරානයේ අරමුණ බවද සඳහන් කර තිබේ.

ඉරානයට එරෙහිව සිදු කරන ආක්‍රමණශීලී ප්‍රහාර සම්පූර්ණයෙන්ම නැවැත්වීම, නැවත ප්‍රහාර එල්ල නොකරන බවට සහතික වීම සඳහා නිශ්චිත යන්ත්‍රණයක් ස්ථාපිත කිරිම, ප්‍රහාරවලින් ඉරානයට සිදු වූ හානියට වන්දි ගෙවීම, මැදපෙරදිග කලාපයේ සියලු සන්නද්ධ කණ්ඩායම්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ අයිතිය ඉරානය සතු බවට ජාත්‍යන්තරයේ පිළිගැනීම සහ සහතික කිරිම එම කරුණු අතර ඇතැයි  සඳහාන්  වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp