Impartial news reporting for a stronger democratic society
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධයේ අරමුණ චීන ආර්ථිකය  අස්ථාවර කිරීමයි – දිමිත්‍රා ස්ටයිකෝ  කියයි

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව සිදු කරන ප්‍රහාරයේ අරමුණ වී ඇත්තේ චීන ආර්ථිකයේ තීරණාත්මක සහ ප්‍රමුඛතම කලාපයක් වන මැදපෙරදිග අස්ථාවර කරමින් චීන ආයෝජන සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ දැමීම බව ග්‍රීසිය කේන්ද්‍ර කරගත් නූතන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ දේශපාලන විශ්ලේෂණ විශේෂඥවරියක වන දිමිත්‍රා ස්ටයිකෝ ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන්  කරයි.

ග්‍රීක බසින් පළවන එරට ජනප්‍රියතම ප්‍රොටෝ තිමා පුවත්පතට ලිපියක් සපයමින් ඇය සඳහන් කැර ඇත්තේ අමෙරිකානු සහ ඊශ්‍රායල යුද ප්‍රහාරය ඉරානයෙන් ඔබ්බට ගිය භු දේශපාලනික යුද්ධයක් බවයි. බොහෝ දුරට ආර්ථික සහයෝගිතාව ආයෝජන සහ රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් පසුගිය දශකය ඇතුළත චීනය මැදපෙරදිග කලාපයේ පවත්වාගෙන යන ස්ථාවරත්වය බිඳ දැමීමෙන් පසු එම කලාපයේ සිය හමුදා බලය දිගුකාලීනව පවත්වාගෙන යෑමට හැකි පසුබිමක් නිර්මාණය කිරීම අමෙරිකාවේ අරමුණ වී ඇතැයි දිමිත්‍රා ස්ටයිකෝ සිය ලිපියෙහි සඳහන් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා  දෙයි.

ලොව විශාලතම බොරතෙල් ආනයනකරු ලෙස චීනය පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති සැපයුම් මත රඳා පවතින බවත්, සෞදි අරාබිය, ඉරානය සහ ඉරාකය වැනි රටවල් චීන ආර්ථිකයට සහාය දක්වන ප්‍රධාන සැපයුම්කරුවන් බවත් ඇය සඳහන් කැර තිබේ.

සාම්ප්‍රදායිකව අමෙරිකාව ආධිපත්‍ය දරන මැදපෙරදිග කලාපයේ විශ්වාසනීය රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස චීනයේ නැඟී සිටීම වැළැක්වීම යුද්ධයේ ප්‍රධානතම ඉලක්ක වී ඇතැයි ද ග්‍රීක දේශපාලන විශ්ලේෂණ විශේෂඥවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp