Impartial news reporting for a stronger democratic society
චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයට එක්වූ මහජන නියෝජිතයන්ගේ යෝජනා භාර ගන්නා රැස්වීම අද

දහහතර වැනි  චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයට එක්වූ මහජන නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනා භාර ගන්නා අතර, ඊට අදාළ රැස්වීමක් අද (26) බෙයිජිංහිදී පැවැත්විණි.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරය පැවති සමයේදී ඊට එක්වූ මහජන නියෝජිතයන් යෝජනා 8406ක් ඉදිරිපත් කැර ඇත. එම යෝජනා නිසි ලෙස හැසිරවීම සඳහා එම රැස්වීමේදී අදාළ ආයතන 206ක් වෙත ඒවා භාර දෙනු ලැබිණ.

ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම, අභ්‍යන්තර තරගකාරීත්වය පාලනය කිරීම, සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ආරක්ෂා කිරීම හා ඒවා උරුමයන් බවට පත් කිරීම, බහුපාර්ශ්වික සහතික කිරීමේ පද්ධතියක් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම, කර්මාන්ත ව්‍යූහය හරිත හා අවකාබන් දිශානතිය වෙත පරිවර්තනය කිරීම ඇතුළු කරුණු, එම මහජන නියෝජිතයන්ගේ යෝජනා අතර ප්‍රධාන වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp