
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරාන හමුදාව අවහිර කිරීම හේතුවෙන් ඉන්දීය නෞකා 22ක් පර්සියානු ගල්ෆ් මුහුදේ සිරවී ඇති බව ඉන්දිය නාවික අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රකාශ කළ බව Cyber World Press සඳහාන් කරයි.
එම නෞකාවල කාර්ය මණ්ඩලයට අයත් ඉන්දීය ජාතිකයන් 611 දෙනකු ද නිරුපද්‍රිතව සිටින බව ඔහු සඳහන් කැර තිබේ. අඛණ්ඩව පැය 24 පුරා එම නාවිකයන් නිරීක්ෂණය කරමින් සිටින බව ද නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කැර ඇති බව මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර රුසියානු බොරතෙල් බැරල් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් පටවා ගත් නෞකාවක් මැංගලූරු වරායට නාවික සැතපුම් 10ක් පමණ දුරින් අරාබි මුහුදේ නැංගූරම් ලා ඇති බව අනාවරණය වේ.
ඉරාන සහ මැදපෙරදිග යුද ගැටුම් මධ්‍යයේ රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා අමෙරිකාවෙන් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ලබා දීමෙන් පසු ඉන්දියාව රුසියානු බොරතෙල් බැරල් මිලියන 30ක් මිලදී ගෙන ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය පසුගියදා සඳහාන් කෙළේය.
