Impartial news reporting for a stronger democratic society
වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම පහතට

පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම පහත බැසිම ආරම්භ වී තිබේ.

ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත බැසිම නිසා මහවැලි ගඟ තැන්නේකුඹුර ප්‍රදේශයේදි සිඳි ගොස් ඇත.

මාස කිහිපයක් පුරාවට ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොමැති වීමත්,  පවතින වියලි කාලගුණ තත්ත්වයත් හේතුවෙන් මෙසේ වික්ටෝරියා ඇතුළු මහවැලි ජලාශවල ජල මට්ටම අඩු වී ඇත.

වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 438ක් වන අතර මේ වන විට එහි ජල  ධාරිතාව සැලකිය යුතු මට්ටමකින්  පහළ ගොස් තිබේ.

මධ්‍යම කඳුකරයේ පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා මහනුවර සහ අවට ප්‍රදේශවල කඳු හා උස් බිම් ආශ්‍රීතව වගා බිම්වලට කෘෂී ජලය සහ පානීය ජල හිඟයක් ද පවතින බව ජනතාව සඳහන් කරති.

Follow by Email
LinkedIn
Share
WhatsApp