Impartial news reporting for a stronger democratic society

සුරේෂ් සලේ රෝහල් ගත කරයි

අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග භාරයේ සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් මත ඊයේ (24) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කැර තිබේ.

සලේ මහතාගේ, රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කැර ඇති අතර, පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමු කැර ඇත.

එහිදී වෛද්‍ය උපදෙස් අනුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කැර ඇති බව සඳහන් වේ.

සුරේෂ් සලේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.

කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp