Impartial news reporting for a stronger democratic society
මැද­පෙ­ර­දිග කලා­පයේ ආර­ක්ෂාවට කාල රාමු­වක් අවශ්‍යයි:   යුද්ධය සමථයකට පත් කරන්න බ්‍රික්ස් හරහා මැදි­හත් වන්න – ඉරාන ජනා­ධි­පති, ඉන්දීය අග­මැතිට යෝජනා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධය හේතු කොට ගෙන මැද­පෙ­ර­දිග කලා­පයේ උද්ගත වී ඇති යුද­මය  තත්ත්වය සම­ථ­ය­කට පත් කිරිම සඳහා කලා­පීය ආර­ක්ෂක රාමු­වක් සකස් කිරි­මට ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙස­ෂ්කි­යන් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට යෝජනා කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ඉන්දීය අග­මැ­ති­ව­රයා වත්මන් සභා­ප­ති­ත්වය දරන බ්‍රික්ස් සංවි­ධා­න­යට මේ ගැටුම් විස­ඳීම සඳහා වැද­ගත් භූමි­කා­වක් ඉටු කළ හැකි බව ද ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දී ඇතැයි  අනාවරණය වෙයි.

යුද අර්බු­දය මධ්‍යයේ නරේන්ද්‍ර මෝදි සමඟ දුර­ක­තන සංවා­ද­යක නිරත වූ ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා මේ යෝජ­නාව ඉදි­රි­පත් කැර ඇති අතර, ඊට ප්‍රති­චාර දක්ව­මින් ඉන්දීය අග­මැ­ති­ව­රයා තීර­ණා­ත්මක යටි­තල පහ­සු­ක­ම්ව­ලට එල්ල වන ප්‍රහාර හෙළා දකි­මින් ජාත්‍ය­න්තර නැව් මාර්ගය සුර­ක්ෂිත කිරීමේ වැද­ග­ත්කම අව­ධා­ර­ණය කැර ඇතැයි සඳහාන් වේ.

ඉන්දි­යාවේ ඉරාන තානා­පති කාර්යා­ලය, උපුටා දක්ව­මින් රොයි­ටර් පුවත් සේවය  සහ Cyber World Press සඳ­හන් කර ඇත්තේ අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ඉරා­න­යට එරෙ­හිව ආරම්භ කළ යුද ප්‍රහාර නැවැ­ත්වී­මට සහ නැවත එවැනි ප්‍රහාර සිදු නොවන බවට සහ­තික විය යුතු බවයි. බට­හිර ආසි­යාවේ මැද­පෙ­ර­දිග රට­ව­ලින් සම­න්විත ආර­ක්ෂක රාමු­වක් ඔහු යෝජනා කැර ඇති අතර, ඒ සඳහා බ්‍රික්ස් සංවි­ධා­නය හරහා මැදි­හත් වන ලෙස ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා නරේන්ද්‍ර මෝදි­ගෙන් ඉල්ලා සිටි බව  අනාවරණය වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp