Impartial news reporting for a stronger democratic society
ඉරානයට එරෙහි යුද්ධය නවත්වන්න  අමෙරිකාවෙන් කරුණු 15ක යෝජනාවලියක් !

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය  ගෙන යන  යුදය නවතාලීම සඳහා අමෙරිකාව කරුණු 15කින් සමන්විත විශේෂ යෝජනාවලියක් ඉරානය වෙත ඉදිරිපත් කැර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ.

ජනාධිපතිවරයා පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කැර ගනිමින් සිටින අතර, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවයි.

අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට ඇතුළත් ප්‍රධාන කරුණු අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සඳහා දැඩි සීමාවන් පැනවීම සහ ගෝලීය වෙළෙඳ ගමනාගමනයට අතිශය වැදගත් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) කිසිදු බාධාවකින් තොරව නැවත විවෘත කිරීම වැනි තීරණාත්මක කොන්දේසි ඇතුළත් බව සඳහාන් වේ. කෙසේ වෙතත්, මෙම කරුණු 15ක සැලැස්ම අඩංගු නිල ලේඛනය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කැර නොමැති බව Cyber World Press සඳහන් කරයි. යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ස්ථාන 82,000කට හානි සිදුවී ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායල පවසයි

Follow by Email
LinkedIn
Share
WhatsApp