Impartial news reporting for a stronger democratic society
පාකි­ස්තා­න­යට ලබන මාසයේ දරුණු ගෑස් හිඟයක් !

පාකි­ස්තා­න­යට ලබන අප්‍රේල් මස 14 වැනි­දා­යින් පසු දරුණු ගෑස් හිඟ­ය­කට මුහුණ පෑමට සිදු­වනු ඇතැයි  අනාවරණය  වෙයි.

පකිස්තානය කටාර් රජ්‍යයේ ප්‍රධාන ගෑස් ආන­ය­න­ක­රු­වකු වන අතර, ඉරාන ප්‍රහාර මධ්‍යයේ කටාර් රාජ්‍යයේ ස්වාභා­වික ගෑස් නිෂ්පා­දන කට­යුතු අත්හි­ටුවා  ඇත.

 පාකි­ස්තාන ඛනිජ තෙල් අමා­ත්‍යාං­ශය එරට සෙනෙට් සභා­වට දැනුම් දී ඇත්තේ මාර්තු මාස­යේදී කටාර් රාජ්‍ය­යෙන් එල්එන්ජී ගෑස් නෞකා 8ක් ආන­ය­නය කිරි­මට සැල­සුම් කළද, යුද ගැටුම් ඇර­ඹී­මට පෙර පැමිණ ඇත්තේ නෞකා දෙකක් පම­ණක් බවය.

මේ මස මුල් භාග­යේදී කටාර් රාජ්‍යයේ රස් ලාෆන් ස්වාභා­වික ද්‍රව ගෑස් නිෂ්පා­දන සංකී­ර්ණ­යට ඉරා­න­යෙන් පළ­මු­ව­රට ප්‍රහා­ර­යක් එල්ල­වීම හේතු­වෙන් ඉතිරි ගෑස් නෞකා 6ක් ගෙන්වා ගැනී­මට නොහැකි වූ බව ඛනිජ තෙල් අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ.

ඉරාන ප්‍රහා­ර­යෙන් පසු ගෑස් නිෂ්පා­දන කට­යුතු අත්හි­ටුවූ කටාර් රාජ්‍යය සිය ගැනු­ම්කාර රට­ව­ලට එල්එන්ජී ගෑස් සැප­යුම සම්බ­න්ධ­යෙන් force majeure හදිසි තත්ත්වය ප්‍රකා­ශ­යට පත් කළ අතර, පාල­නය කළ නොහැකි හදිසි තත්ත්ව­ය­කදී වග­කී­මෙන් නිද­හස් වීම සඳහා ලැබී ඇති එම නීති­මය අව­ස­රය කටාර් රාජ්‍යය භාවිත කිරීම හේතු­වෙන් පාකි­ස්තා­න­යට එල්එන්ජී ගෑස් පර්යන්ත දෙකක උප­යෝ­ගිතා ගාස්තු අඛ­ණ්ඩව ගෙවී­මට සිදුවී ඇතැයි සඳහාන් වේ.

 කටාර් රාජ්‍යයේ ගෑස් සැප­යුම අත්හි­ටු­වනු ලැබු­වද සිය ගෑස් පර්යන්ත සඳහා දෛනි­කව අමෙ­රි­කානු ඩොලර් 5,38,535ක් ගෙවී­මට සිදුවී ඇති බවත්, එය මාසි­කව ඩොලර් මිලි­යන 15කට ආසන්න මුද­ලක් බවත් පාකි­ස්තා­නයේ ඛනිජ තෙල් ඇමැති අලි පර්වේස් මලික් ප්‍රකාශ කර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp