

දශක 5කට පසු ලොව විශාලතම තෙල් අර්බුදයකට මුහුණ පා සිටින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆටීහ් බිරෝල් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඉරාන සහ මැදපෙරදිග යුද ගැටුම් සමථයකට පත් කිරිම තවදුරටත් ප්‍රමාද වන්නේ නම්, මේ අර්බුදය අතිශය දරුණු අතට හැරීමේ අවදානමක් මතු වී ඇතැයි ද ඔහු අනතුරු අඟවා තිබේ. වත්මන් යුද තත්ත්වය හේතුවෙන් දැනටමත් දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 11කින් පහත වැටී ඇති බවත්, එය 70 දශකයේදී ගෝලීය වශයෙන් උද්ගත වූ තෙල් අර්බුද ද්විත්වයට වඩා වැඩි ප්‍රමාණයක් බවත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්යක්ෂවරයා සඳහන් කැර තිබේ.
1973දී සහ 1979 දී උද්ගත වූ තෙල් අර්බුද දෙකකදී දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් පහත වැටී ඇති අතර, වසර 2022 දී රුසියානු හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරිමෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වාභාවික ගෑස් ඝන මිටර් බිලියන 75ක් අහිමි වී ඇතැයි ද වාර්තා වේ. එහෙත් මෙවර තත්ත්වය වඩාත් බරපතළ බව පෙන්වා දුන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්යක්ෂවරයා බොරතෙල් බැරල් නිෂ්පාදනය පහත වැටීමට අමතරව ස්වාභාවික ද්‍රව ගෑස් නිෂ්පාදනය කියුබික් මීටර් බිලියන 140ක් අහිමි කර ඇතැයි ද ප්‍රකාශ කැර තිබේ. ගෝලීය ආර්ථිකය පෙර නොවූ විරූ අයුරින් බරපතළ තත්ත්වයකට මුහුණ පා ඇති බැවින් ඉතා ඉක්මනින් යුද අර්බුදය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවට ඔහු විශ්වාසය පළ කැර තිබේ. ඉරානය සහ මැදපෙරදිග කලාපයේ රටවල් 9ක බලශක්ති යටිතල පහසුකම් 40කට දැඩි හානි සිදුවී ඇති බැවින් යුද ගැටුම් නිමාවට පත්වුවද, බලශක්ති සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් කිරිම කඩිනමින් සිදු කළ නොහැකි වනු ඇතැයි ද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆටීහ් බිරෝල් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.( දිනමිණ ඇසුරෙන් )
