
ආනයන අපනයන බහලූම් ප්‍රවාහන ගාස්තු අද (22) මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් ඉහළ දැමීමට සිදුවන බව බහලුම් ප්‍රවාහනය රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්ධන මිල වැඩිවීමත් අමතර කොටස්, ලිහිසි තෙල්, බැටරි මිල ඉහළ යෑම හා සේවකයන්ගේ දීමනා ලබාදීම ඉලක්ක කැරගෙන මෙලෙස ගාස්තු වැඩි කිරීමට නියමිත බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි..
එළඹෙන උත්සව සමයේ ප්‍රමාදයකින් තොරව ආනයනික භාණ්ඩ ජනතාව අතට පත්කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා මෙම ගණන් වැඩි කිරීම අනිවාර්ය බවද ඔහු පෙන්වා දෙයි.
