
ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබු “කේරළ ගංජා” තොගයක් සහ රියැදුරු අද (21) අත්අඩංගුවට ගැනීමට මීගමුවේ සුරාබදු නිලධාරීහු සමත් වී ඇත.
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් මඟින් මීගමුව වෙරළ තීරයට ගෙනවිත්, කුඩා ලොරි රථයක් මඟින් කුරුණෑගල ප්‍රදේශය බලා ප්‍රවාහනය කරමින් සිටියදී මහහුනුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
කිලෝ ග්‍රෑම් 85 ක් බරැති මෙම ” කේරළ ගංජා ” තොගය , පැකැට් 40 ක් තුළ අසුරා , ඒවා තවත් ගෝනි 02 ක් තුළ ද අසුරා සගවා තිබුණි.
මෙම ලොරි රථය තුළ රියැදුරුවරයා පමණක් සිටි අතර , ඔහු 30 හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ රියැදුරුවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සටහන – කටුනායක ටී.කේ.ජී.කපිල
