Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයන් 1,444 දැනට මිය ගිහින්

ඉරානයට එල්ල කරන ලද අමෙරිකා-ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් මේවන විට ඉරානයේ පුද්ගලයන් 1,444 ක්, ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 18 ක්,  අමෙරිකානු සොල්දාදුවන් 13 ක් සහ ගල්ෆ් රාජ්‍යවල පුද්ගලයින් 21 ක් මිය ගොස් ඇතැයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය  සඳහාන් කරයි.

පෙබරවාරි 28 වැනිදා  අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ වී මේ වන විට දින  23ක් ගත වී අති බවත්,  තවමත් පිපිරීම් ඇසෙමින් පවතින බව   අනාවරණය වෙයි.

ඊශ්‍රායලය, ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියට පහර දීමෙන් පසු  අමෙරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානය, ඊශ්‍රායලයට සහ  අමෙරිකානු හමුදා ක්‍රියාත්මක වන මැද පෙරදිග හමුදා කඳවුරු කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර දියත් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp