Impartial news reporting for a stronger democratic society
ලොව පුරා ආහාර මිල ඉහළ යෑමේ අවදානමක් : පොහොර අර්බුදයක් අතළඟ !

මැද­පෙ­ර­දිග යුද අර්බු­දය හේතු කොට ගෙන ලොව පුරා ආහාර මිල ඉහළ යෑමට හේතු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංව්ධා­නයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ අන­තුරු ඇඟවා ඇතියි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

 ගෝලීය පොහොර වෙළෙ­ඳා­මෙන් 30%ක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ප්‍රවා­හ­නය කරන බවත්, ඉරාන හමු­දාව එම මුහුදු තීරය අව­හිර කිරීම හේතු­වෙන් ලොව පුරා කෘෂි­කා­ර්මික විය­දම් සහ ආහාර මිල ඉහළ යනු ඇති බවත් ඔහු ප්‍රකාශ කැර තිබේ.

මෙය සැල­කිය යුතු බර­ප­තළ තත්ත්ව­යක් බව අව­ධා­ර­ණය කර ඇති ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ විකල්ප මාර්ග සොයා ගැනී­මට උත්සාහ කළ යුතු බව ද සඳ­හන් කැර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය අව­හිර කිරී­මෙන් සිදු­වන නිෂ්පා­දන කප්පා­දුව සහ ප්‍රවා­හන බාධා­වන් හේතු­වෙන් මාස­ය­කට පොහොර නැව්ගත කිරීම ටොන් මිලි­යන 3 සිට 4 දක්වා ප්‍රමා­ණ­යක් අව­හිර වී ඇති බවත්, ඉරා­නය, සෞදි අරා­බිය සහ ඕමා­නය ඇතුළු පර්සි­යානු ගල්ෆ් කලා­පයේ රට­වල් යූරියා, ඇමෝ­නියා සහ නයි­ට්‍ර­ජන් අප­න­ය­නය කරන ලොව ප්‍රමු­ඛ­තම රට­වල් බවත් සඳහාන් වේ. එම කලා­පයේ රට­ව­ලින් ගෝලීය වශ­යෙන් යූරියා 35%ක් සහ ඇමෝ­නියා 30%ක් දක්වා ප්‍රමා­ණ­යක් අප­න­ය­නය කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංව්ධා­නයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp