Impartial news reporting for a stronger democratic society
ඉරානයට කිලෝ මීටර් 5000ක් දුරින් පිහිටි ” ඩියගෝ ගර්ශියා” අමෙරිකා  යුධ කඳවුරට බැලස්ටික් මිසයිල ප්‍රහාර !

ඉන්දීය සාගරයේ ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙස සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි ඩියගෝ ගාර්ශියා කඳවුරට ඉරානය බැලස්ටික් මිසයිල 2ක් එල්ල කැර ඇති බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

ඩියගෝ ගාර්ශියා කඳවුර ඉරානයට නැඟෙනහිරින් කිලෝ මීටර් 5000ක් දුරින් පිහිටි ඇති බව අනාවරණය වෙයි.

එම නාවික කඳවුර මධ්‍යම ඉන්දියානු සාගරයේ උපායමාර්ගිකව පිහිටා ඇති  යුධ මධ්‍යස්ථානයක් වන අතර, එය අමෙරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ප්‍රධාන හමුදා පහසුකමක් සපයයි.

ඉන්දියානු සාගර භූමියේ කොටසක් වන මෙම කඳවුර, ප්‍රධාන වශයෙන්  අමෙරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාව පුරා විහිදෙන විශාල කලාපයක් හරහා ගුවන් සහ නාවික මෙහෙයුම් සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයක් වේ.

 ඉරාන ,මිසයිල ප්‍රහාරයෙන් එකක් ගුවනේදී විනාශ වී ඇති බවත්, අනෙක් මිසයිලයට අමෙරිකානු යුද නැවක් ප්‍රහාරයක් එල්ල කැර ව්‍යර්ථ කළ බව සඳහාන් කළද එම ඉලක්කය සාර්ථකව විනාශ කෙළේ ද යන්න තවමත් නිවේදනය කැර නොමැත.

කෙසේ වෙතත් ධවල මන්දිරය සහ අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදුකළ විමසීම් වලට පිළිතුරු ලබාදිමෙන් වැළකී ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් ඉරාන “අයිරිස් ඩේනා” යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ල කළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බව  ඉරානය  පවසා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp