
ගල්ෆ් කලාපයේ යුද ගැටුම් ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා මරණ පත් වී ඇති සංඛ්‍යාව 3,200 සීමාවට පැමිණ ඇති බව අනාවරණය වී ඇති.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම සහ එරට හමුදා බලය දුර්වල කිරීම සිය අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළ ද, මේ වන විට යුද්ධය සඳහා වැය වී ඇති මුදල ඩොලර් බිලියන 16 ඉක්මවා ඇති බව සඳහාන්ය. පවතින තත්ත්වය හමුවේ යුධ කටයුතු සඳහා තවත් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන අමෙරිකානු ආරක්ෂක අංශ ඉල්ලා තිබේ.
මෙම තත්ත්වය හමුවේ අද වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ද විශාල පසුබෑමක් ද දක්නට ලැබේ.

