
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් පසු ඉරානයේ සිට තෙල් නෞකා 89ක් යාත්‍රා කැර ඇතැයි ලොයිඩ්ස් සමුද්‍ර බුද්ධි විශ්ලේෂණ සමාගම තහවුරු කැර තිබේ.
එමඟින් ඉරානය බොරතෙල් බැරල් මිලියන ගණනක් අපනයනය කැර ඇතැයි ද එම සමාගම සඳහන් කරයි.
මෑතකදී ඉන්දීය සහ පාකිස්තාන බලධාරින් සහ ඉරාන රජය අතර පැවති සාකච්ඡාවලින් පසු එම රටවල නෞකාවලට ද හෝමූස් තරණය කිරීමට අවස්ථාව ලැබී ඇති අතර, ඉන්දීය ධජය සහිත ෂිවාලික් සහ නන්දාදේවි එල්පීජී ගෑස් නැව් දෙකක් ද, පාකිස්තාන ධජය සහිත බොරතෙල් නෞකාවක් ද හෝමූස් මුහුද තරණය කළ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මිත්‍ර රටවල ඉල්ලීම මත හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට තෝරාගත් නෞකාවලට ඉරානයෙන් අවසර ලැබී ඇතැයි ද, පාකිස්තානයට, බංග්ලාදේශයට, ඉන්දියාවට, චීනයට සහ ආසියාතික කලාපයේ තවත් රටවල් කිහිපයකට අයත් නෞකා ඊට ඇතුළත් බව ද අල් ජසීරා පුවත් සේවය අනාවරණය කෙළේය.
සිය නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට අවසර ඉල්ලා තුර්කිය, ප්‍රංශය සහ ඉතාලිය ද ඉරාන රජය සමඟ සාකච්ඡා පවත්වා ඇතැයිද සඳහාන් වේ. (දිනමිණ ඇසුරෙන්)
