Impartial news reporting for a stronger democratic society
ගල්ෆ් කලාපයේ යුද්ධය දිග්ගැස්සුනහොත් මිලි­යන 45ක් ආහාර හිඟයකට මුහුණ දෙනවා –එ.ජා. ලෝක ආහාර වැඩ­ස­ට­හන අන­තුරු අඟ­වයි

ගල්ෆ් කලාපයේ යුද තත්ත්වය ලබන ජුනි මාසය දක්වා  පැවතුනහොත්  මිලි­යන 45කට අධික ජන­තා­වකට උග්‍ර ආහාර හිඟ­ය­කට මුහුණ දීමට සිදු­වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය අන­තුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ­ස­ට­හනේ නියෝජ්‍ය විධා­යක අධ්‍යක්ෂ කාල් ස්කෝ ප්‍රකාශ කැර ඇත්තේ දැන­ට­මත් විවිධ කලා­ප­වල යුද­ ගැ­ටුම් හේතු­වෙන් මිලි­යන 319ක ජන­තා­වක් දැඩි ආහාර හිඟ­ය­කට මුහුණ පා සිටින බවයි.

ගාසා තීරයේ දේශ­සීමා වසා දැමීම හේතු­වෙන් ලක්ෂ සංඛ්‍යාත පල­ස්තී­නු­වන් දරුණු ආහාර අර්බු­ද­ය­කට ගොදුරු වී සිටින බවත්, සුඩා­නයේ සිවිල් යුද ගැටුම් හේතු­වෙන් මිලි­යන 21කට වැඩි ජන­තාව කුස­ගි­න්නෙන් පීඩා විඳින බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ­ස­ට­හනේ නියෝජ්‍ය විධා­යක අධ්‍ය­ක්ෂ­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

මේ තත්ත්වය ගෝලීය කුස­ගිනි මට්ටම ඉති­හා­සයේ පෙර නොවූ විරූ අයු­රින් ඉහළ යෑමට හේතු­වනු ඇතැයි ද, එය අති­ශය භයා­නක සහ ශෝච­නීය සිදු­වී­මක් බවට පත්වනු ඇතැයි ද ලෝක ආහාර වැඩ­ස­ට­හනේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා ප්‍රකාශ කැර තිබේ.

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර සටන් විරා­ම­යක් ක්‍රියා­ත්මක වුවද, ඉරාන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ජාතික ආර­ක්ෂාව සැල­කි­ල්ලට ගෙන ගාසා තීර­යට ප්‍රවේ­ශ­වන දේශ­සීමා වසා දැමී­මට ඊශ්‍රා­ය­ලය පිය­වර ගත් අතර, එය දැන­ට­මත් ව්‍යව­ස­න­කාරී මානු­ෂීය අර්බු­ද­යක් දක්වා ඇදී ගොස් ඇතැයි  අනාවරණය වෙයි. ගාසා තීර­යට දින­කට ආහාර ට්‍රක් රථ 600ක් අවශ්‍ය වුවත්, දැඩි සීමා කිරීම් මැද ට්‍රක් රථ 200කට පමණ අව­සර දීමෙන් පල­ස්තීන ජන­තා­වගේ ආහාර හිඟය උත්සන්න වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ මධ්‍ය­ධ­රණී කලා­පයේ අධ්‍ය­ක්ෂ­ව­රයා පසු­ගි­යදා අන­තුරු අඟවා තිබේ. සුඩා­නයේ සිවිල් යුද්ධය හේතු­වෙන් සහ­නා­ධාර සේව­ක­යන්ට එරට පළාත් රැස­කට ළඟා­වී­මට නොහැකි වී ඇතැයි ද  සඳහාන් වේ.  ( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp