Impartial news reporting for a stronger democratic society
ඉරානයේ බුද්ධි තොරතුරු ඇමැති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

ඉරා­න ඉස්ලාමීය ජනරජයේ  බුද්ධි තොර­තුරු ඇමැති ඉස්මා­යිල් කාතිබ් ඝාත­නය කළ බව ඊශ්‍රා­යල ආර­ක්ෂක ඇමැති ඉස්රා­යිල් කැට්ස් ප්‍රකාශ කැර තිබේ.

 විදෙස් මාධ්‍ය සඳ­හන් කරන්නේ ඊශ්‍රා­යල හමු­දාව පෙරේදා(17) රාත්‍රියේ සිදු­කළ ප්‍රහා­ර­ය­කින් ටෙහෙ­රාන් අග­නු­වර රහ­සි­ගත ස්ථාන­යක සිටි බුද්ධි තොර­තුරු ඇමැ­ති­ව­රයා මිය­ගිය බවයි. ඉරා­නයේ ඕනෑම ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු ඉලක්ක කිරී­මට ඊශ්‍රා­යල හමු­දා­වට රජයේ හෝ අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුගේ අනු­මැ­තිය අවශ්‍ය නොවන බව ද ඊශ්‍රා­යල ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකා­ශ­යට ඉරාන රජය මෙතෙක් ප්‍රති­චාර දක්වා නැති බව ද වාර්තා වේ.

වසර 2021 දී එව­කට ඉරාන ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිස් විසින් බුද්ධි තොර­තුරු ඇමැ­ති­ව­රයා ලෙස පත් කරනු ලැබූ 64 හැවි­රිදි ඉස්මා­යිල් කාතිබ් ආග­මික විද්ව­තකු ලෙස එරට ආග­මික කවු­න්සි­ලයේ ද සාමා­ජි­ක­යකු වන අතර, හිටපු උත්ත­රී­තර නායක අලි කමේ­නිගේ සමී­ප­ත­ම­යකු වන බව ද  සඳහාන් වේ. 1979 ඉරාන විප්ල­ව­යෙන් පසු ඔහු එරට ඉස්ලා­මීය විප්ල­ව­වාදී ආර­ක්ෂක හමු­දා­වට එක්වූ බව විදෙස් මාධ්‍ය  අනාවරණය කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp