Impartial news reporting for a stronger democratic society
බලු­කි­ස්තානයේ ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් පාකි­ස්තාන හමුදා සෙබ­ළුන් 24ක් මරුට

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ හමුදා රථ පෙළ­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් පාකි­ස්තාන හමුදා සෙබ­ළුන් 24 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී වු බව Cyber World Press විශේෂ නියෝජිත අනාවරණය කරයි.

වාහන 6කින් සම­න්විත හමුදා රථ පෙළ බලු­කි­ස්තා­නයේ කරන් දිස්ත්‍රි­ක්කයේ මාර්ග­යක ධාව­නය වෙමින් තිබි­යදී මේ ප්‍රහා­රය එල්ල වී ඇති අතර, බලු­කි­ස්තාන බෙදු­ම්වාදී විමුක්ති සංවි­ධා­නය එහි වග­කීම භාර­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය ද වැඩි­දු­ර­ටත් සඳහාන් කැර ඇත.

එදි­නම එම ප්‍රාන්තයේ ග්වාඩර් දිස්ත්‍රි­ක්ක­යේදී හමුදා යතු­රු­පැ­දි­ක­රු­වන් ඉලක්ක කර­මින් බලු­කි­ස්තාන විමුක්ති සංවි­ධා­නය සැඟවි සිට එල්ල කළ ප්‍රහා­ර­ය­කින් හමුදා සෙබ­ළුන් තිදෙ­නකු මිය­ගොස් ඇතැයි ද, තවත් සෙබ­ළකු බර­ප­තළ තුවාල ලබා ඇතැයි ද  සඳහාන් වේ. හමුදා සෙබ­ළුන් එම ප්‍රාන්තයේ ඉන්ධන ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් කප්පම් ගැනීමේ සිදු­වී­මක් හේතු­වෙන් එම ප්‍රහා­රය එල්ල කළ බව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් බලු­කි­ස්තාන සන්නද්ධ සංවි­ධා­නය ප්‍රකාශ කර ඇතැයි බලු­කි­ස්තාන් පෝස්ට් පුවත් සේවය සඳ­හන් කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp