
ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලක් වෙත පාකිස්තානය ඊයේ (16) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 400ක් මරණයට පත්ව ඇති අතර, 250ක ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි කාබුල් නුවර සිටින Cyber World Press නියෝජිත පවසයි.
රෝහල වෙත ප්‍රහාර එල්ල කළ බව කියන චෝදනාව පාකිස්ථානය තරයේ ප්‍රතික්ෂේප කරයි. නමුත් ,නිවැරදි සන්නද්ධ ඉලක්ක හඳුනා පහර දුන් බව එම හමුදා පවසයි.
ඊයේ (16) එල්ල කළ එම ප්‍රහාරයට ත්‍රස්ත යටිතල පහසුකම් ද හසු වූ බව පාකිස්ථානය කියයි. ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ දෙවැනි පිපිරීම මඟින්, එම ආසන්නයේ විශාල වෙඩි බෙහෙත් ගබඩා තිබූ බව තහවුරු වුණේ යැයි පාකිස්ථාන තොරතුරු ඇමැති, අතාවුල්ලා ටාරාර් කියයි.
චීනය විසින් දකුණු ආසියානු ඉස්ලාමීය අසල්වැසි දෙපස යළි සමගි කිරීමට සූදානම් බව ප්‍රකාශයට පත් කැර පැය කිහිපයකට පසු එම ප්‍රහාරය එල්ල විය. දරුණු සටන් වෙත ව්‍යාප්ත නොවී වහා සාකච්ඡා මේසයට එන ලෙස චීනය එම දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටී.
ඇෆ්ඝනිස්තානය සහ පාකිස්ථානය කි.මී.2600ක දේශ සීමාවක් දෙපස පිහිටියේය. පසු ගිය මසයේද දෙරට අතර දරුණු සටන් ඇවිලිණි.

(Reuters ඇසුරින්-හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Afghanistan says 400 killed in Pakistan air strike on Kabul hospital, Pakistan rejects claim
