Impartial news reporting for a stronger democratic society
කුඩු සළිඳුගේ – පොල්අ­තු­මෝ­දර සරත්ගේ කුඩු   දෙවු­න්ද­රින් සහ බේරු­ව­ලින් අල්ලයි! වටිනාකම කෝටි 1300 යි

දෙවු­න්ද­රට දකුණු දෙසින් සහ බේරු­ව­ලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේ­ශ­ව­ලින් අත්අ­ඩං­ගු­වට ගත් බහු­දින යාත්‍රා දෙකක තිබූ රුපි­යල් කෝටි 1300ක් වටිනා කොකේන්, හෙරො­යින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග­යක් සමඟ සැක­ක­රු­වන් 11 දෙනකු නාවික හමු­දාව මඟින් ඊයේ (16) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

නාවික හමු­දාව මඟින් අත්අඩංගුවට ­ගෙන දික්ඕ­විට ධීවර වරා­යට ඊයේ (16) රැගෙන ආ බහු­දින යාත්‍රාවේ තිබී රුපි­යල් කෝටි 300කට අධික වටි­නා­ක­මක් ඇති ‍ හෙ‍ෙරා­යින් කිලෝ 133ක් සොයා‍ ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදේ­ශ­ග­තව සිටින කුඩු සළිඳු සහ පොල්අ­තු­මෝ­දර සරත් නමැති අයගේ මෙහෙ­යැ­වී­මෙන් ඔවුන්ගේ මෙරට නියෝ­ජි­ත­යන්ට එවා ඇතැයි විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

මෙම බහු­දින යාත්‍රා‍‍වේ සිටි සැක­ක­රු­වන් 05 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඔවුන් වැලි­ගම, මාතර හා හම්බ­න්තොට පදිං­චි­ක­රු­වන් බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරි නීති­වේදී උදය කුමාර වුට්ලර් මහතා පැවැ­සීය. මෙම බහු­දින යාත්‍රාව බේරු­වල ධීවර වරා­යෙන් පසු­ගිය 05 වැනිදා ධීවර කට­යුතු සඳහා යන බව සඳ­හන් කර­මින් පිටත්ව ගොස් ඇතැ­යිද සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා සඳ­හන් කෙළේය. බේරු­වල මුහුදු සීමාවේ තිබූ බහු­දින යාත්‍රාවේ තිබී රුපි­යල් කෝටි 1000ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් 500 කට ආසන්න තොග­යක් සහ සැක­ක­රු­වන් 6ක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මේ බහු­දින යාත්‍රාවේ ඊයේ (16) පස්වරු 6ට පමණ දික්ඕ­විට වරා­යට ගෙන එනු ලැබිණි.

මෙම වසරේ මෙතෙක් ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කළ බහු­දින ධීවර යාත්‍රා 8ක් නාවික හමු­දාව විසින් වට­ලනු ලැබීය. 2016න් පසු මෙතෙක් ඉති­හා­සයේ අත්අ­ඩං­ගු­වට ගත් විශා­ල­තම කොකේන් තොගය මෙය වේ.

ගයාන් කුමාර වීර­සිංහ,

රක්ෂණ ශ්‍රියන්ත,

වත්තල විශේෂ – ජෝශප් පයස්

( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp