
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (17) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණෙන බව අනාවරණය වී තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පවත්වා ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ ට දැනුම් දී ඇති බව සඳහාන්ය.
මෙයට පෙර දිනයක ගෝඨාභය රාජපක්ෂට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණ ද එදිනට පැමිණීමට නොහැකි බවට ලිඛිතව කොමිසමට දැනුම් දී තිබුණේය.
