
ඉරාකයේ බස්රා නුවර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ අමෙරිකාවට අයත් තෙල් නෞකාවකට ඉරාන නාවික හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල කැර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඉරාකයේ බස්රා නුවර මුහුදු සීමාව ආසන්නයේදී එම තෙල් නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් විශාල ගින්නක් හටගෙන ඇති අතර, නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ද ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 15 දෙනකු නිරුපද්‍රිතව ඉවත් කැර ගැනීමට ඉරාක බලධාරින් පියවර ගත් බවද අනාවරණය වෙයි.
ඉරානයේ ෆාර්ස් පුවත් ඒජන්සිය සඳහන් කර ඇත්තේ විනාශ වූ නෞකාව මාෂල් දූපත් රාජ්‍යයේ ධජය යටතේ යාත්ර කළ සෆීසියා විෂ්ණු නැමැති නෞකාවක් බවය. පෙරේදා(12) රාත්‍රියේ පුපුරණ ද්‍රව්‍ය පැටවූ මිනිසුන් රහිත බෝට්ටුවක් අධික වේගයෙන් පැමිණ එම නෞකාවේ ගැටීමත් සමඟ නෞකාව පුපුරා ගොස් ඇති අතර, ඉරාන ආරක්ෂක හමුදාවේ අණ නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල වී ඇතැයි ෆාර්ස් පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.
