
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ IRIS DENA නෞකාවට එල්ල වූ අමෙරිකානු සැබ්මැරීන් ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ සිරුරු ඊයේ (13) රාත්‍රීයේ ඉරානය වෙත රැගෙන ගිය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ඉරාන තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි විශේෂ ගුවන් යානයකින් එම නාවිකයන්ගේ සිරුරු රැගෙන යන බව අමාත්‍යාංශය පවසයි.
