Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – දකුණු කොරියා හමුදා අභ්‍යාසයට එරෙහිව උතුරු කොරියාව බැලස්ටික් මිසයිල 10ක් යවයි

උතුරු කොරියාව ජපන් මුහුද (නැඟෙනහිර මුහුද) දෙසට බැලස්ටික් මිසයිල 10 ක් පමණ එල්ල කැර ඇති බව දකුණු කොරියාව සහ ජපන් ආරක්ෂක අංශ තහවුරු කැර තිබේ.

පස්වරු 1:20 ට පමණ උතුරු කොරියාවේ සුනාන් ප්‍රදේශයෙන් මෙම මිසයිල දියත් කැර ඇති අතර, කිලෝමීටර් 350 ක් පමණ ගමන් කර මුහුදට  වැටී ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව විසින් පවත්වන ලද නිදහස් පලිහඒකාබද්ධ හමුදා අභ්‍යාසයට විරෝධය දැක්වීමක් ලෙස මෙය සිදු කැර ඇති බව විශ්ලේෂකයෝ පවසති.

ජපාන අගමැති සහ දකුණු කොරියානු හමුදා ප්‍රධානීන් මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර, එය කලාපීය සාමයට තර්ජනයක් බව ප්‍රකාශ කැර ඇත.

දින කිහිපයකට පෙර, එනම් මාර්තු 11 වැනි දින, උතුරු කොරියානු නායක කිම් ජෝන් උන්ගේ අධීක්ෂණය යටතේ නව නාවික විනාශකාරී නෞකාවකින් කෲස් මිසයිලයක් ද පරීක්ෂා  කැර ඇත.

.

Follow by Email
LinkedIn
Share
WhatsApp