
අමෙරිකානු ගුවන් හමුදාවට අයත්, ගුවනේ දී ඉන්ධන ලබාදිය හැකි KC-135 මාදිලියේ යානාවක් ඉරාක සීමාවේ දී අනතුරට ලක්වී ඇති බව සඳහන් වෙයි.
මෙම යානාවේ කාර්යය මණ්ඩල සාමාජිකයන් 05 දෙනෙකු සිට ඇති බව ද සඳහාන් වේ.
ගුවන් යානා දෙකක් ගුවනේ දී ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වු බවත් අනතුරට මුහුණ දුන් අනෙක් යානාව හදිසි ගොඩබෑමකට ලක්කළ බවත් සඳහන් වෙයි.
එසේම මෙම ගුවන්යානා අනතුරට හේතුව කිසිදු රටකින් එල්ල වූ ප්රහාරයක් නොවන බව අමෙරිකාව තහවුරු කැර ඇත.
මෙම KC-135 මාදිලියේ යානාවක මිල දළ වශයෙන් ඩොලර් මිලියන 70 ක් පමණ වන අතර මෙවැනි යානා 376 ක් අමෙරිකාව සතුව පවතින බව අනාවරණය වෙයි.
(දිනමිණ ඇසුරෙන් – නිලන්ත තෙන්නකෝන්)
