
කිසිදු බලවේගයක , රටක අවසරයක් නොමැතිව රුසියාවෙන් තෙල් ආනයනය අඛණ්ඩව සිදුවන බව ඉන්දීය රජය නිවේදනයක් නිතුත් කරමින් ප්‍රකාශ කැර ඇතැයි මොස්කට් ටයිම්ස් පුවත් සේවය සඳහාන් කරයි.
ඉන්දීය රජය මේ ප්‍රකාශය සිදු කැර ඇත්තේ මැදපෙරදිග උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර දෙමින් සම්බාධක තාවකාලිකව ඉවත් කළ බවට අමෙරිකාව නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.
ඉන්දියාව කිසිදු අවහිරතාවකින් තොරව රුසියානු තෙල් මිලදී ගන්නා බවත්, තවමත් ඉන්දියාවේ විශාලතම තෙල් සැපයුම්කරු රුසියාව බවත් ඉන්දීය රජය සඳහන් කර ඇතැයි මොස්කට් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කළේය.
යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඉරානය ලෝක වෙළෙඳපොළට බොරතෙල් සපයන ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත්, මැදපෙරදිග රටවල බලශක්ති යටිතල පහසුකම්වලට පහරදීමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් පවතින අතර, අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් ප්‍රකාශ කර ඇත්තේ තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාවට රුසියානු තෙල් මිල දී ගැනීම සඳහා දින 30ක කාලසීමාවකට සම්බාධක ඉවත් කළ බවයි. රුසියානු තෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියාව කෙටි කාලීන අවසර මත යැපෙන්නේ නැති බව එරට මාධ්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කැර ඇත.

