
14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ රැස්වීම ඊයේ (9) බීයිජිං හි මහජන මහා ශාලාවේදී ආරම්භ විය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රාජ්‍ය නායකයෝ ඊට එක්වූහ.
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ පැවරුමකට අනුව ස්ථාවර කමිටු සභාපති Zhao Leji එහිදී චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවට පසුගිය වසරේ කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කෙළේය.
එම වාර්තාවට අනුව, පසුගිය වසරේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව නීති, නීතිමය අර්ථකථන සහ තීරණ කෙටුම්පත් 40ක් අධීක්ෂණය කැර සාකච්ඡාවට ලක් කර ඇති අතර, ලියවිලි සහ වැදගත් ගිවිසුම් 9ක් අනුමත කැර ඇත.
පසුගිය වසරේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව අධීක්ෂණ කටයුතු පිළිබඳ වාර්තා 22 ක් නිරීක්ෂණය කැර සාකච්ඡාවට ලක්කර ඇති අතර, නීති 5ක ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය ද පරීක්ෂාවට ලක්කර ඇත. එසේම විශේෂ ප්‍රශ්න කිරීම් 2 ක් සහ විශේෂ විමර්ශන 11 ක් සිදු කැර ඇති අතර, යෝජනාවක් ඉදිරිපත් කිරීමද සිදුව තිබේ.
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව පසුගිය වසරේ නීත්‍යනුකූලව ගොනු කිරීම් සහ සමාලෝචන රාජකාරී ඉටු කරමින්, ඉදිරිපත් කළ පරිපාලන රෙගුලාසි සහ අධීක්ෂණ රෙගුලාසි 2,218 ක් නිරීක්ෂණ කර තිබේ. ඔවුන් පුරවැසියන් සහ සංවිධාන ඉදිරිපත් කළ සමාලෝචන යෝජනා 6,705 සාකච්ඡා කර නීත්‍යකූලව සිය ප්රතිචාරයන් ඉදිරිපත් කර තිබේ . එමෙන්ම චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් අදාළ සම්මත ලේඛනයන්හී මධ්‍යගත සමාලෝචනයක් සහ සකස් කිරීම් ද සිදු කර ඇති බව, Zhao Leji එහිදී සඳහන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)
