Impartial news reporting for a stronger democratic society
ඉරානයේ නව උත්තරීතර නායකයා යුධ බිමේ දස්කම් පෑ නායකයෙක් !

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයේ පළමු දිනයේම ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තබා කමේනි  වයස 17 දී ඉරාන – ඉරාක යුද්ධයේදී යුධ පෙරමුණේ විශාල  කාර්යයක්  කළ අයෙකි.

මේ අතර ඉරානයේ විශේෂඥයන්ගේ සභාව – රටේ උත්තරීතර නායකයා තෝරා ගන්නා සාමාජිකයන් 88 දෙනෙකුගෙන් යුත් පූජක මණ්ඩලය – ඉරාන වැසියන්ගෙන් එක්සත්කම පවත්වා ගෙන යන ලෙසත් මොජ්තාබා කමේනිට සහාය දෙන ලෙසත් ඉල්ලා තිබේ.

පසුගිය ඉරිදා  ඉරාන රාජ්‍ය මාධ්‍යවල සංසරණය වූ ප්‍රකාශයක, කමේනි “තීරණාත්මක ඡන්දයක්” මත පදනම්ව තෝරා ගන්නා ලද බව සභාව සඳහන් කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp