Impartial news reporting for a stronger democratic society
මැද­පෙ­ර­දිග සාමය සඳහා පිය­වර ගන්නැයි ඉන්දීය අග­මැ­ති­ සියලු කණ්ඩායම්ව­ලින් ඉල්ලී­මක් කරයි

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ඉරා­න­යට එරෙ­හිව සිදු කරන යුද මෙහෙ­යුම් නවතාදමා මැද­පෙ­ර­දිග සාමය සහ ස්ථාව­ර­ත්වය සඳහා පිය­වර ගන්නා ලෙස සියලු කණ්ඩායම්වලින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

පසු­ගි­යදා ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වූ කැනේ­ඩි­යානු අග­මැති මාක් කර්නි සමඟ ඒකා­බද්ධ ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඉන්දීය අග­මැ­ති­ව­රයා මේ ඉල්ලීම කර ඇති බව සඳහාන්ය.

ඉන්දි­යාව නිර­තු­රු­වම සාමය සහ ස්ථාව­ර­ත්වය වෙනු­වෙන් පෙනී සිටින බවත්, සංවාද සහ රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය තුළින් ගැටුම් විස­ඳී­මට ඉන්දි­යාව සියලු සහ­යෝ­ගය ලබා දෙන බවත් අග­මැති මෝදි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

ඉරාන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු සමඟ කලා­පයේ වත්මන් තත්ත්වය සම්බ­න්ධව දුර­ක­ත­නය ඔස්සේ සාකච්ඡා කර ඇතැයි ද, සිවිල් ජන­තා­වගේ ආර­ක්ෂාව සඳහා ප්‍රමු­ඛ­තාව දෙන ලෙස ඊශ්‍රා­යල අග­මැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉන්දීය කැබි­නට් මණ්ඩ­ලය කැඳවා මැද­පෙ­ර­දිග කලා­පයේ යුද තත්ත්වය සම්බ­න්ධව අග­මැ­ති­ව­රයා සාකච්ඡා කර ඇති අතර, බල­පෑ­මට ලක්වූ රට­වල සිටින ඉන්දීය ජාති­ක­යන්ට සහාය වීම සඳහා අවශ්‍ය පිය­වර ගන්නා ලෙස අදාළ බල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇතැයි ද සඳහාන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp