
ඉරාන නාවික හමුදාවට අයත් IRIS ලාවන් යුද නෞකාව ඉන්දීය බලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ කොච්න් වරායට සේන්දු වී ඇති බව විදෙස් උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
එම නෞකාව කොචින් වාරාය වෙත ගොස් ඇත්තේ හඳුනාගත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙනි.
ඉන්දීය මාධ්‍ය සඳහාන් කළේ, එම ගැටලුව මුල් කැර ගනිමින් ඉරානය කළ ඉල්ලීමකට අනුව කොච්න් වරායේ නැංගුරම් ලෑමට අදාළ නෞකාවට අවසර දුන් බවයි.
අදාළ IRIS ලාවන් නෞකාව ඉන්දියාවේ පැවැත්වූ නාවික අභ්‍යාසය සහ ජාත්‍යන්තර නෞකා දැක්ම සඳහා පැමිණ තිබේ.
ඒ අනුව IRIS ලාවන් නෞකාවේ සිටි කාර්යය මණ්ඩල සමාජිකයන් ගණන 183කි.
ඔවුන් මේ වනවිට ඉන්දීය නාවික හමුදා යටතේ කොච්න් ප්‍රදේශයේ යටතේ ආරක්ෂිත කඳවුරුවලට රැගෙන ගොස් තිබේ.
පසුගිය 28 වැනිදා ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කැර උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ දිනයේදීම එම නෞකාවට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබූ බවද සඳහාන්ය වේ.
එම ඉල්ලීමට අනුව පසුගිය 1 වැනිදා ඉන්දියාව ඒ සඳහා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව IRIS Lavan නෞකාව ඉන්දියාවේ කොචින් වරායට සේන්දු කැර ගත් බව විදෙස් මාධ්‍ය සඳහාන් කැර තිබිණි.
අදාළ කෝච්න් වරායට ළඟා වීමට පෙර Lavan යුද නෞකාව ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි විශාඛපට්නම් මුහුදු කලාපයේ පැවති බව සඳහන් වේ.( දිනමිණ ඇසුරෙන්)
