
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කැරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සියට අනුව, සෙනසුරාදා යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ ළමුන් 181 ක් ඇතුළු 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත බව අනාවරණය වෙයි.
මැද පෙරදිග පුරා මේ වන විට සටන් පැතිරී යන අතර, රටවල් කිහිපයක ජීවිත හානි ද ඉහළ ගොස් තිබේ.
නැඟෙනහිර වේලාවෙන් අඟහරුවාදා පස්වරුව වන විට අවම වශයෙන් සිවිල් වැසියන් 1,097 ක් මිය ගොස් 5,400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව Cyber World Press පෙන්වා දෙන අතර,තවත් මරණ සිය ගණනක තොරතුරු වාර්තා වෙමින් පවතින බව කියයි.
උත්සන්න වන ගැටුම නිසා ඊශ්‍රායලයේ සහ අමෙරිකා එක්සත් ජනපදයට අයත් ගල්ෆ් රටවල් කිපයක ඇති හමුදා මුලස්ථානවලට ඉරානය මාරාන්තික ප්‍රහාරයන් එල්ල කරමින් සිටි.සීඑන්එන් පුවත් සේවය පෙන්වා දෙන්නේ , ඊශ්‍රායලයට බරපතළ හානි සිදු වී ඇති අතර, තෙල්අවියුව් නගරය තනිකරම සුන් බුන් ගොඩක් වී ඇති බවයි. අවම වශයෙන් පුද්ගලයන් 200ක් පමණ මිය යන්නට ඇති බවත්, විශාල පිරිසක් තුවාල ලබන්නට ඇති බවත් සඳහාන් වේ.
ඉරාන ඩ්‍රෝන යානයක් කුවේටයේ තාවකාලික අණදෙන මුරපොළකට පහර දී පුපුරා යෑමෙන් අමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන් හය දෙනෙකු මිය ගිය බව සීඑන්එන් පුවත් සේවය කියයි.
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායම අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ජීවිත හානි රැසක් සිදුව තිබේ.
ලෙබනන් රජය පැවසුවේ සිකුරාදා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 52 දෙනෙකු මිය ගොස් තවත් 154 දෙනෙකු තුවාල ලැබූ බවයි.

