
ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝකයේ රටවල ආණ්ඩු බලෙන් වෙනස් කිරීමට ගෙනයන මෝඩ පිළිවෙත් සහ ක්‍රියාමාර්ග කිසිසේත් පිළිගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
කොළඹ මල් පාර පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ඊයේ (02) සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන් පිරිසක් සමඟ පැවති හමුවකදී ඒ් මහතා මේ බව පැවසීය.
ඉරානයට එරෙහිව, අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ් බව පැවසීය.
මෙය ඉතා ගැඹුරු ගැටලුවක් . එම ක්‍රියාපිළිවෙත ශ්‍රී ලංකාවට යහපත් වන්නේ නැහැ.
”ලංකාවේ ඉන්දන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ”
එමෙන්ම ඉරානයේ පවතින යුදමය වතාවරණය මැද ඉරානය ඉන්ධන සැපයුම අඩපන වීම තුළින් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් සිදු වන්නේ නැහැ.
ඒ කෙසේ වෙතත් ඉරානය විසින් ඉන්ධන ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රවාහන කටයුතු අඩපන කළහොත් එය විශාල ගැටලුවක් විය හැකියි.
ඉරානයේ තෙල් නැති වුණා කියලා විශාල හිඟයක් වෙන්නේ නෑ. අනික් රටවල් ඊට වඩා තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි ඉරානය ඒ අසලින් එන තෙල් නැව්වලට බොම්බ දැමීමකින් නැව් නැවැත්තුවොත් ඒක විශාල ප්‍රශ්නයක්. දැනට ඒක සිදුවෙලා නෑ.
ට්‍රම්ප් ජනාධිපති ඊශ්‍රායලයත් එක්ක එකතුවෙලා කෙළේ ඉරානයේ නායකත්වය නැති කරන එකයි. කෙසේ හෝ ආණ්ඩුවක් ඉවත් කරනවා නම් මේ ක්‍රමවේදය පිළිගන්න බැහැ. ස්විස්ටර්ලන්තය සහ නොර්වේ එහෙම කියන්නනේ මේක ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායන් අනුව සුදුසු නැහැ කියලා.
ට්‍රම්ප් ජනාධිපති බලන්නේ එයා කැමති විදියට ලෝකේ වැඩකටයුතු කරගෙන යන්න. එත් මේක අපිට හොඳ නෑ. , මේක ඉතා ගැඹුරු ප්‍රශ්නයක්.
