Impartial news reporting for a stronger democratic society
හදිසි නීතිය තව දුරටත් දීර්ඝ කරයි

හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දු කැර  පැය කිපයක් යන්නට පෙර, තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් හදිසි නිතිය දිර්ඝ කැර තිබේ.
එම ගැසට් නිවේදනය පෙරේදා  (28) ප්‍රකාශයට පත් නොවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ තවදුරටත් හදිසි අවස්ථා තත්ත්වය දීර්ග කිරීමට ජනාධිපතිවරයාගේ අදහසක් නොමැති බවයි. ඒ තොරතුරු පදනම්ව හදිසි නීතිය තව දුරටත් දීර්ග නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දුකර ඇති බව ‘ද ලීඩර්’ පෙරේදා  වාර්තා  කැර තිබිණි. පසුව ඊයේ (02)  වාර්තා වුයේ මුද්‍රණ ක්‍රියාවලියේ අතපසුවීමකින් ගැසට් නිවේදනය පමා වී ඇති බවයි.

රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය වසරේ අගදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ඒ අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යෑම සහතික කිරීමේ අරමුණ ඇතිව නොවැම්බර් 28 වැනි දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණ අතර පාර්ලිමේන්තුවේදී එය සම්මත විය.

කෙසේ වෙතත්, ආපදා තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය, ජනතාව මර්දනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී සහතික විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp