
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවලට බෝම්බ හෙලමින් “විවෘත යුද්ධයකට” අද ( 27) සිකුරාදා අවතීර්ණ වූ බව පාකිස්තානයේ ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කැර තිබේ.
පෙරේදා (බ්‍රහස්පතින්දා) රාත්‍රියේ ඇෆ්ගනිස්ථාන හමුදා පකිස්තාන දේශසීමා හමුදා වෙත පහර දුන් බවත්, පකිස්තානය මීට කලින් එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම පහරදීම් සිදු කළ බව තලේබාන් රජය නිවේදනය කැර තිබේ. කාබුල් සහ කන්දහාර් හි සිටින AFP සහ Cyber World Press මාධ්‍යවේදීන්ට විශාල පිපිරීම් හඩවල් සහ ජෙට් යානාවල ගමන් කරන හඩවල් ඇසී තිබේ.
මෑත මාසවලදී අසල්වැසියන් අතර සබඳතා බිඳ වැටී ඇති අතර, ඔක්තෝබර් මාසයේ දී දෙපාර්ශ්වයේම පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මිය ගිය මාරාන්තික සටන්වලින් පසු ගොඩබිම් දේශසීමා හරස් මාර්ග වසා දමනු ලැබිණි.
පාකිස්තානයට එරෙහිව ප්‍රහාර සිදු කරන සටන්කාමී කණ්ඩායම් පාලනය කිරීමට ඇෆ්ගනිස්ථානය අපොහොසත් වී ඇතැයි ඉස්ලාමාබාද් පාලනය චෝදනා කරන අතර, එය තලේබාන් රජය ප්‍රතික්ෂේප කළ බව අනාවරණය වෙයි.
කටාර් සහ තුර්කිය මැදිහත් වීමෙන් මූලික සටන් විරාම සාකච්ඡා වට කිහිපයක් පැවති නමුත්, කල් පවතින ගිවිසුමක් ඇති කැර ගැනීමට නොහැකි වී තිබේ.
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ පකිස්තාන ප්‍රහාර කිහිපයකින් සහ මෑත මාසවලදී දේශසීමාවේ ගැටුම්වලින් පසුව සිදු වූ නවතම දේශසීමා ප්‍රචණ්ඩත්වයන්වලදී සෙබළුන් දුසිම් ගණනක් මරා දැමූ බව දෙපාර්ශ්වයේම හමුදා පවසයි.
“කාබුල්, පක්ටියා (පළාත) සහ කන්දහාර් හි ඇෆ්ගන් තලේබාන් ආරක්ෂක ස්ථාන ඉලක්ක කැර ගත් බව” පකිස්ථානයේ තොරතුරු ඇමැති අතාවුල්ලා X පණිවුඩයකින් ප්‍රකාශ කැර ඇති අතර, පකිස්ථානයේ ආරක්ෂක ඇමැති කවාජා අසිෆ් ප්‍රකාශ කැර ඇත්තේ, තලේබාන් රජය සමඟ “සම්පූර්ණ ගැටුමක්” තමන් ප්‍රකාශ කළ බවයි.
“අපේ ඉවසීමේ සීමාව පැමිණ ඇත. දැන් එය අප සහ ඔබ අතර විවෘත යුද්ධයකි,” ඔහු සමාජ මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කැර ඇත.
ජෙට් යානා

ඇෆ්ගනිස්ථනයේ කාබුල් නුවර රැදී සිටින AFP සහ Cyber World Press මාධ්‍යවේදීන්ට පැය දෙකකට වැඩි කාලයක් පුරා ජෙට් යානා සහ බහු ඝෝෂාකාරී පිපිරීම් මෙන්ම වෙඩි තැබීම් ද ඇසී ඇති බව අනාවරණය වෙයි.
මේ වන විට තලේබාන් රජය පාකිස්තාන ගුවන් ප්‍රහාරයන් තහවුරු කැර ඇති අතර, තලේබාන් රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පැවසුවේ කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවයි.
“පකිස්තාන හමුදාව දේශසීමා උල්ලංඝනය කරමින් “මහා පරිමාණ ප්‍රහාරක මෙහෙයුම්” දියත් කරන බව නිවේදනය කැර ඇත.
ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කෙළේ ගොඩබිම් ප්‍රහාරයන්වලින් තම සොල්දාදුවන් අට දෙනෙකු මෙයට පැය කීපයකට පෙර මිය ගිය බවයි.
ටෝර්ක්හැම් දේශසීමා හරස් මාර්ගය හරහා පකිස්තානයේ සිට ආපසු පැමිණෙන සිවිල් ජනතාවගෙන් කිහිප දෙනකුට තුවාල සිදුව ඇති බව ඇෆ්ගනිස්ථාන නිලධාරියකු Cyber World Press මාධ්‍යවේදියකුට පවසා තිබේ.
“මෝටාර් ෂෙල් වෙඩි ප්‍රහාරයක් කඳවුරට වැදී ඇති අතර, අවාසනාවකට අපගේ සරණාගතයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවත්, එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවයි,” නන්ගර්හාර් පළාතේ තොරතුරු ප්‍රධානී කුරේෂි බද්ලුන් Cyber World Press මාධ්‍යවේදියාට පවසා තිබේ.
ඔක්තෝබර් මාසයේ සිට දේශසීමාව බොහෝ දුරට වසා දමා තිබුණ ද, ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණි අයට පමණක් ඇතුල්වීමට අවසර දී තිබිණි.
දේශසීමා ප්‍රචණ්ඩත්වය මාස ගණනක්
තලේබාන් රජයේ ප්‍රකාශක මුජාහිඩ් AFP සහ Cyber World Press මාධ්‍යවේදී වෙත පවසා ඇත්තේ පකිස්තාන සෙබළුන් කිහිප දෙනෙකු “ජීවතුන් අතර අල්ලා ගත්” බවයි. එම සිද්ධිය ඉස්ලාමාබාද්හි අගමැති කාර්යාලය මුළුමනින්ම ප්‍රතික්ෂේප කැර ඇත.
පසුගිය ඉරිදා රාත්‍රියේ නන්ගර්හාර් සහ පක්ටිකා පළාත්වලට එල්ල කරන ලද පකිස්තාන ප්‍රහාරවලින් පසුව ගැටුම් ඇති වු බවයි. ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම කාර්යාලය පැවසුවේ අවම වශයෙන් සිවිල් වැසියන් 13 දෙනෙකු මේ සටනේදී මිය ගිය බවයි.
අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය බව තලේබාන් රජය පැවසූ අතර, හමුදා මෙහෙයුමෙන් සටන්කාමීන් 80 කට වැඩි පිරිසක් මිය ගිය බවට පකිස්තානය කළ නිවේදනය ඔවුන් ප්‍රතික්ෂේප කැර ඇත.
අඟහරුවාදා දෙපාර්ශ්වයම දේශසීමා හරහා වෙඩි තබා ගැනීම් සිදු කළ නමුත් ජීවිත හානි සිදු වී නැත.
මූලික සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සිදු වී ඇත. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථානය අල්ලා ගන්නා ලද පකිස්තාන සෙබළුන් තිදෙනකු සෞදි අරාබිය රජයේ මැදිහත් වීමෙන් නිදහස් කැර ගැනීමට හැකි වී තිබේ.
(AFP සහ Cyber World Press )
