Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාවට සහ  ජපානයට එකට වැඩ කිරීමට නව අවස්ථා උදාවී තිබෙනවා — ජපාන අධිරාජ්‍යයාගේ 66 වැනි උපන්දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමත් සමඟ, අප අතර මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළුව එක්ව වැඩ කිරීම සඳහා අලුත් අවස්ථා උාදාවෙම්න් තිබෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata)  මහතා පැවසීය.

ඒ් මහතා  මේ බව පැවසුවේ, ජපාන අධිරාජ්‍යයාගේ 66 වැනි උපන්දිනය සමරමින් පසුගිය දා (25) සිය නිල නිවෙසේ පැවැති උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමිනි.

මෙම උත්වසයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය සහ ජන මධ්‍යය  ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතා සහභාගී වුහ. ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු කථානායකවරුන්, කැබිනට්  ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු  සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.

මෙහි විශේෂත්වය වුයේ,1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ  පිරිමි මීටර් 10,000 ඉසව්වට සහභාගී වී අවසන් ස්ථානයට පත් වූ එහෙත්, කිසි විටෙකත් තරඟය අත් නොහැරිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වන රණතුංගේ කරුණානන්ද මහතාගේ අත්මශක්තිය  අගයමින්  තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata)  මහතා පිළිගැනීමේ කතාව පැවැත් විමයි.

තවදුරටත් , තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata)  මහතා මෙසේ පැවසීය.

විශේෂයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළුව නැවත වැඩ ආරම්භ කරන ලද සියලුම යෙන් ණය ව්‍යාපෘති සහ  ඒවා ක්‍රියාත්මක කිරීමේදී සුමට ප්‍රගතියක් ලබා  ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමත් සමඟ, අප අතර මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළුව එක්ව වැඩ කිරීම සඳහා අලුත් අවස්ථා උාදාවෙම්න් තිබෙනවා.

 ‘ද රනර් වර්නින් නොම්බර් 67’ ( ‘The Runner Wearing Number 67’ ) , කරුණානන්ද මහතා ගැන අපි මතක් කර ගනිමු. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පසුගිය වසර කිහිපය තුළ නතර වූණා. එහි අනෙක් අයට පිටුපසින් දිවීමට සිදු වූණා. එහෙත් අද යථා තත්ත්වයට පත්වීමේ මාවත සාර්ථකව අවසන් කළ හැකි බව මගේ විශ්වාසයයි. කිසි විටෙකත් අත් නොහැර ස්ථාවර හා තිරසාර සංවර්ධනයේ ඊළඟ අදියර කරා ගමන් කළ හැකි බව අපගේ විශ්වාසය වී තිබෙනවා.

ඇමැති වෛද්‍ය ජයතිස්ස මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ කරන ලද සාර්ථක සංචාරය දෙරට අතර සහයෝගිතාව තව දුරටත්  වර්ධනය කිරිමට  හේතුවක්  වුණා. විශේෂයෙන් ආයෝජන, සංවර්ධන ආධාර, ජනතාව සමඟ  පවත්නා සංස්කෘතික සබඳතා දෙරටේ දිගුකාලීන හා බහු විධ සබඳතා මැනවින් පෝෂණය කිරීමට හේතු වුණා.

ඉකෙබානා (ජපන් මල් සැකැස්ම), ගැහැණු ළමයින්ගේ උත්සවය සඳහා හිනා-නින්ගෝ බෝනික්කන් සහ පිරිමි ළමයින්ගේ උත්සවය සඳහා යොරෝයි-කබුටෝ (සමුරායි හිස්වැස්ම සහ සන්නාහය), කරාටේ නිරූපණයක් සහ ජපන් විවිධ කේක් රස බැලීම වැනි ජපාන සංස්කෘතික අංගයන්  පිළිබඳ අවබෝධයක්  ලබා  ගැනීමට සහභාගි වුවන්ට අවස්ථාව ලැබිණි. මෙම උත්සවයේ විශේෂත්වය වුයේ, නව මිත්‍රත්වයන් සහ සහයෝගීතාවයන් පෝෂණය කරන අතරම ගැඹුරු සහ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්   කිරීමට මඟ විවෘත කිරීමයි.

සටහන-  චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp