Impartial news reporting for a stronger democratic society
අකුරේගොඩ  ඝාතනයේ දෙවැනි වෙඩි­ක්කරු ඇතුළු සැක­ක­රු­වන් කොටු කැර ගත්තේ 119 ලැබුණු ඔත්තුවකින්

පොලිස් හදිසි ඇම­තුම් අංශ­යේ  අංක 119ටත්, මොන­රා­ගල පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ටත් ගම්වැ­සි­යෙක්  ­දුන් තොර­තු­ර­කට අනුව අකුරේගොඩ  ඝාතනයේ දෙවැනි වෙඩි­ක්කරු ඇතුළු සැක­ක­රු­වන් තිදෙනා පසුගිය දා (24) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චි සහ ඔහුගේ බිරිය අකු­රේ‍ගො­ඩදී වෙඩි තබා ඝාත­නය කිරී­මට සම්බන්ධ මෙම සැකකරුවන් මොන­රා­ගල, නක්කල, ටැංවත්තේ පිහිටි නි‍වෙ­ස­ක සැගව සිටියදී අත්අඩංගුව ගෙන තිබේ.

සැක කට­යුතු පුද්ග­ල­යන් තිදෙ‍ෙ­නක් නි‍වෙ­සක සිටින බවට එම තොර­තුර පෙ‍ෙර්දා (24) රාත්‍රී කාල­යේදී පොලී­සි­යට ලැබී ඇත.
එම තොර­තුර සම්බ­න්ධ­යෙන් වහාම ක්‍රියා­ත්ම­ක වූ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පොලිස් නිල­ධා­රීන් නක්කල ප්‍ර‍දේශට ගොස් අදාළ නි‍වෙස වටලා තිබේ. ඒ වන විට එහි පුද්ග­ල­යන් 03 දෙනෙක් රැඳී සිට ඇත. ඒ අතර සිටි වෙඩි­ක්ක­රුව පහ­සු­වෙන්ම හඳුනා ගැනී­මට පොලී­සිය සමත්ව ඇත.

එම සැක­කාර වෙඩි­ක්කරු ගාල්ල කනන්කේ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක් වන මනෝජ් උද­යංග නැමැති 40 හැවි­රිදි වියේ පසු­ව­න්නෙකි. නීති­ඥ­ව­ර­යාගේ බිරිය ඉල­ක්කර රිවෝ­ල්ව­ර­ය­කින් වෙඩි තබා ඇත්තේ මෙම සැක­කරු විසිනි.
කර­න්දෙ­ණිය සුද්දාගේ වෙඩි­ක්ක­රු­වන් අතර සිටින ඝාතන රැස­කට සම්බන්ධ ප්‍රධාන වෙඩි­ක්ක­රු­වෙක් ලෙස ඔහුව හඳු­නා­ගෙන තිබේ. මෙම සැක­කරු අවස්ථා කිහි­ප­ය­කදී මත්කුඩු සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගා­ර­ගත වූවෙක් බවට ද තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

මෙම වෙඩි­ක්කරු භාවිත කළ ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳු­නු­ම්ප­තක් සහ එම හැඳු­නු­ම්ප­තට අනුව ව්‍යාජ තොර­තුරු මඟින් සකස් කළ විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් ද පොලී­සිය මෙයට පෙර සොයා­ගෙන තිබිණි.

එම ව්‍යාජ හැඳු­නු­ම්පත සහ විදෙස් ගමන් බල­ප­ත්‍ර­යට අනුව ඔහු පන්සල පාර, මීවල, රුක්ග­හ­වෙල පදිං­චි        ­ක­රු­වෙක් වන ඔහු රූබන් සුරේෂ් ලෙස පෙනී සිට ඇත. එම හැඳු­නු­ම්පත සහ වි‍දෙස් ගමන් බල­ප­ත්‍රය ඔහුට සක­ස්කර දුන් පුද්ග­ල­යන් හඳු­නා­ගෙන අත්අ­ඩං­ගු­වට ගැනී­මට ද විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලී­සිය සඳ­හන් කරයි. මෙම සැක­කරු සම්බ­න්ධ­යෙන් මහ­ජන ආර­ක්ෂක හා පර්ලි­මේන්තු කට­යුතු  ඇමැති ආනන්ද විජේ­පාල මහතා ද පාර්ලි­මේ­න්තු­වේදී පසු­ගිය (20) දා අනා­ව­ර­ණ­යක් කෙළේය.

මෙම සැක­කරු මොන­රා­ගල ප්‍රදේ­ශ­යට රැගෙන ඒමට කට­යුතු කැර ඇත්තේ අංගොඩ ප්‍රදේ­ශයේ පදිං­චි    ක­රු­වෙක් වන කැලුම් නැමති අයෙකි. කැලුම්ගේ හිත­ව­තකු ඔහුට දුර­ක­තන ඇම­තු­මක්දී තමාගේ මිතු­ර­කුට රැකි­යා­වක් ලබා­දෙන ලෙස ඉල්ලී­ම­ක් කැර ඇතැයි ඇති බව කියයි. ඒ අනුව වෙඩි­ක්කරු වන සැක­කරු මීට දින කිහි­ප­ය­කට පෙර මොන­රා­ග­ලට පැමිණ ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

කොන්ත්‍රාත් සමා­ග­මක ඉදි­කි­රීම් වැඩ බිමක සේවය කර­මින් ඔහු නක්කල, ටැංවත්ත ප්‍රදේ­ශයේ කුලී නි‍වෙසේ රැඳී සිට ඇති බව අනා­ව­ර­ණය වී ඇත.
මෙම නි‍වෙස මාස 06කට පමණ පෙර කුලී පද­නම මත ලබා­ගෙන තිබූ­වක් බව විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ. අංගොඩ පදිංචි පුද්ග­ල‍‍‍යෙක් කුලි­යට එම නි‍වෙස ගෙන ඇත්තේ විදේ­ශ­යක රැඳී සිටින පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­කුගේ මෙ‍ෙහ­ය­වීම මත බව ද අනා­ව­ර­ණය වී ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අතර අකු­රේ­ගො­ඩදී නීති­ඥ­යාට සහ බිරි­යට වෙඩි තබා ඝාත­නය කිරීමේ සිදු­වීමේ දෙවැනි වෙඩි­ක්කරු සිටින බව අනා­ව­ර­ණය වී තිබේ.
සිද්ධිය සැලවූ විගස ඒ බව මොන­රා­ගල පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහේෂ් සේනා­රත්න, මොන­රා­ගල නියෝජ්‍ය පොලි­ස්පති නිහාල් තල්දූව මහ­තාගේ උප­දෙස් පිට මොන­රා­ගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඩබ්ලිව්.එම්.එස්.ඩී. වික්‍ර­ම­සිංහ මහ­ත්වරු දැනු­වත් කැර ඇත. එම නිල­ධා­රීන් පොලි­ස්ප­ති­ව­ර­යාව දැනු­වත් කිරී­මෙන් අන­තු­රුව බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සට සැක­ක­රු­වන් භාර­දී­මට නියෝ­ග ­කැර තිබේ. ඒ අනුව බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ඊ‍යේ(25) මොන­රා­ග­ලට පැමිණ සැක­ක­රු­වන් භාර­ගෙන තිබේ.

(දිනමිණ ඇසුරෙන්- රක්ෂණ ශ්‍රියන්ත, ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණ­ති­ලක)

Follow by Email
LinkedIn
Share
WhatsApp