
සම්බාධකවලට ලක්වී ඇති වෙනිසියුලාවේ සිට කැරීබියන් මුහුද ඔස්සේ යාත්‍රා කළ ඉන්ධන පිරවු නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව පසුගිය දා ඉන්දීය සාගරයේදී අත්අඩංගුවට ගත් බව පෙන්ටගනය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කැර ඇත්තේ කැරිබියන් මුහුදේ සිට හඹා ගොස් එම නෞකාව අත්අඩංගුවට ගත් බවයි. පසුගිය මාසයේදී ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලාවෙන් පිට වන සහ ළඟා වන සියලුම තෙල් නෞකා අත්අඩංගුවට ගැනීමට අමෙරිකාව පියවර ගෙන ඇති අතර, ඉන්දීය සාගරයේදී අත්අඩංගුවට ගත් තුන්වැනි ඉන්ධන නෞකාව මෙය බව ද වාර්තා වේ.
පසුගිය ජනවාරියේ මුල් භාගයේදී වෙනිසියුලාවේ සිට ගමන් ආරම්භ කැර ඇති බව කියන එම නෞකාව තුළ බොරතෙල් බැරල් මිලියන 1.9ක් තිබූ බව ද වාර්තා වේ. පෙන්ටගනය සඳහන් කැර ඇත්තේ බර්තා නමැති එම ඉන්ධන නෞකාව චීනය බලා යාත්‍රා කරමින් තිබූ බවයි.
