
නේපාලයේ කඳුකර මාර්ගයකදී මගී බස් රථයක් අඩි 655ක් පහළින් ගඟකට වැටිමෙන් එහි ගමන්ගත් මගීන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයකු ද සිටින බව එරට මාධ්‍ය සඳහන් කැර තිබේ.
නේපාලයේ සංචාරක පුරයක් වන පොකාරා නගරයේ සිට කත්මණ්ඩු අගනුවර බලා ධාවනය වූ එම බස් රථය ඊයේ(23) අලුයම අනතුරට ලක්වන විට එහි මගීන් 44 දෙනකු සිටි ඇති බව Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි.

තුවාල ලැබූ සෙසු මඟින් රෝහල්ගත කිරීමට ආපදා මෙහෙයුම් කණ්ඩායම් පියවර ගෙන ඇති අතර, චීන ජාතිකයකු සහ නවසීලන්ත ජාතිකයකු ද තුවාල ලැබූ පිරිස අතර සිටි. රියැදුරුගේ පාලනයෙන් ගිලිහීමෙන් බස් රථය අනතුරට ලක්වී ඇති බවත්, අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කැර ඇති බවත් නේපාල රජය නිවේදනය කැර තිබේ.
