Impartial news reporting for a stronger democratic society
බෝම්බ සහ වෙඩි ප්‍රහාරවලින් වය­ඹ­දිග පකි­ස්තා­නයේ 11ක් මරුට

 වය­ඹ­දිග පාකි­ස්තා­නයේ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිදු වු බෝම්බ ප්‍රහාර දෙක­කින් සහ වෙඩි හුව­මා­රු­ව­කින් පුද්ග­ල­යන් 11 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහාන් කරයි.

එම ප්‍රාන්තයේ පිහිටි බජා­වුර් දිස්ත්‍රි­ක්ක­යේදී එම ප්‍රහා­රය සිදුවී ඇති අතර, පොලී­සිය සහ කැර­ලි­ක­රු­වන් අතර වෙඩි හුව­මා­රු­වක් සිදු වූ බව ද සඳහාන් වේ. එම ප්‍රහා­ර­යෙන් මිය­ගොස් ඇත්තේ දරු­වකු සහ ආර­ක්ෂක අංශයේ සාමා­ජි­ක­යන් 10 දෙනකු බව පාකි­ස්තාන හමු­දාව ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. කාන්තා­වන් සහ දරු­වන් ඇතු­ළුව 7 දෙනකු තුවාල ලැබූ බවත් පකි­ස්තාන හමු­දාව නිවේ­ද­නය කැර තිබේ.

බජා­වුර් දිස්ත්‍රි­ක්කයේ ආර­ක්ෂක මුර­පො­ළක් දෙසට ධාව­නය වූ බෝම්බ සවි­කළ වාහ­න­යක් පිපි­රී­මෙන් පළමු ප්‍රහා­රය සිදුවී ඇති අතර, එම පිපි­රී­මෙන් මෝටර් රථ කිහි­ප­ය­කට සහ අසල පිහිටි ගොඩ­නැ­ඟි­ල්ල­ක­ටද බර­ප­තළ හානි සිදු වූ බව සඳහාන් වේ. ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි පොලිස් ස්ථාන­යක් අස­ළදී බවත්, නවතා තිබූ යතු­රු­පැ­දි­යක සවි­කළ බෝම්බ­යක් පිපි­රී­මෙන් දෙවැනි ප්‍රහා­රය සිදුවී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp