Impartial news reporting for a stronger democratic society
ගාසාවේ ඒකා­බද්ධ හමු­දා­වට පකි­ස්තා­නය ඇතු­ළත්  කර­ගැ­නී­මට  ට්‍රම්ප්  ගෙනා යෝජනාවට ඊශ්‍රා­ය­ල­යේ විරෝ­ධය

ගාසා තීරයේ සංව­ර්ධන කට­යුතු මෙහෙ­ය­වීම සඳහා ස්ථාපිත කැර ඇති ගාසා සාම මණ්ඩ­ල­යට පකි­ස්තා­නය ඇතු­ළත් කැර­ගැ­නී­මට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජ­නා­ව­ට  ඊශ්‍ර­යා­ලය විරෝ­ධය පළ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

 මධ්‍ය­ස්ථ­භා­වය සහ සාමය ප්‍රව­ර්ධ­නය කිරී­මේදී හිත­කර නොවන රට­ව­ලට කිසිදු විධා­යක බල­යක් ලබා දීමට ඊශ්‍රා­ය­ලය එකඟ නොවන බව ඉන්දි­යාවේ ඊශ්‍රා­යල තානා­පති රූවන් අසාර් ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ගාසා සාම මණ්ඩ­ල­යට එක්වන ලෙස පකි­ස්තා­න­යට ඇර­යුම් කළ ද, පාකි­ස්තා­න­යට ගාසා භූමියේ සිදු කිරී­මට කිසිදු කාර්ය­භා­ර­යක් නැතැයි ද ඉන්දි­යාවේ ඊශ්‍ර­යාල තානා­ප­ති­ව­රයා සඳ­හන් කළ බව ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

ගාසා තීරයේ සංව­ර්ධන කට­යුතු සඳහා ජාත්‍ය­න්තර ඒකා­බද්ධ මෙහෙ­යුම් සිදු කිරීමේ ක්‍රියා­ව­ලි­යට මුස්ලිම් රට­වල් රැසක් මේ වන­ විට ඇතු­ළත් වී සිටින අතර, ගාසා තීරයේ සංව­ර්ධන කට­යු­තු­ව­ලට දාය­ක­ත්වය ලබා­දීම සඳහා සිය හමුදා භට­යන් අට­ද­හ­සක් යෙද­වී­මට පසු­ගි­යදා ඉන්දු­නී­සි­යානු රජය තීර­ණය කැර තිබිණි. ගාසා තීරයේ සංව­ර්ධන කට­යුතු සඳහා පත් කිරී­මට නිය­මිත ජාත්‍ය­න්තර ඒකා­බද්ධ හමු­දා­වට දාය­ක­ත්වය ලබා­දී­මට පකි­ස්තා­නය එක­ඟ­වීම සම්බ­න්ධ­යෙන් අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද ස්තුතිය පළ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp